සිරකරුවන් 762 දෙනෙකුට අද ජනාධිපති පොදු සමාව


වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ අද දින (18) නිදහස ලබා දුන්නේය.

එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්විණි .

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමේ ජාතික උත්සවය වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී සුළු වැරදි සම්බන්ධයෙන් දිවයිනේ බන්ධනාගාර 30ක රැඳවියන් ලෙස සිටි පුද්ගලයින් 762 දෙදෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමිවුණි.

එහිදී සිය අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ නිදහස ලබා නැවත සමාජයට යන සිරකරුවන් ලෙස ඔවුන් නැවත වැරදි සමාජයට එක්වුවහොත් සියළු දෙනාගේම දෝෂාරෝපණ එල්ල වන්නේ තමන් වෙත බවය.

එනිසා ඔවුන් නිදහස් කිරීමේ වගකීම තමන් බාර ගෙන ඇති අතර මේ රටේ පළමු මහජන සේවකයා ලෙස තමන් දැඩි ලෙස අද නිදහස ලබන රැඳවියන් මත විශ්වාසය තබන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

තමන් ඔවුන්ගෙන් ඉල්ල සිටින්නේ නැවත වැරදි සමාජයට එකතු වීමෙන් වළකින ලෙස බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
Views
224
2019-05-18 06:10:52