කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශවලටත් ඇඳිරිය පනවයි



වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයටත් ‍අද(13) උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර හලාවත නගරයට ද අද අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.

ජාතීන් අතර අසමගීය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කිරීමත් සමඟ මෙම නොසන්සුන් කාරී තත්ත්වය හට ගෙන තිබේ.

මෙයට අදාළව එක් සැකකරුවෙක් මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Views
285
2019-05-12 15:48:19
ජනප්‍රිය පුවත්