හසු වන කදුකිනිසි ගැන සත්‍ය වසන් කිරීමෙන් වන හානිය වැඩියි - බන්දුල ගුණවර්ධන

රටේ ජාතික ආරක්ෂාව ගැන රජය අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට විශ්වසනීය තත්වයක් ඇති කිරීමට රජය තවමත් අසමත් වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙසේ ජාතික ආරක්ෂාව ගැන රජය අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන විශ්වසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන තෙක් රට යථා තත්වයට පත් කර ගැනීමට දුෂ්කර බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ නිසා දැන්වත් ජාතික ආරක්ෂාව ගැන රජය විශ්වසනීය වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතු බවත් ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදය වැළක්වීමේ අංශ සහ මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශ එක්ව ක්‍රියා කළ යුතු බවත් ඒ මහතා කීවේය.

රජයේ මැතිඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට පවා ත්‍රස්තවාදී සම්බන්දකම් ගැන චෝදනා එල්ල වී ඇති නිසා ඒ සෑම අයෙක් සම්බන්ධයෙන්ම වත්කම් පරීක්ෂා කිරීම සහ මුදල් ඉපයූ ආකාරය ගැන පුර්ණ පරීක්ෂාවක් කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රටේ විවිධ තැන වලින් හමු වන කඩුකිණිසි යනාදිය ගැන ඇත්ත වාර්තා කිරීමේ මාධ්‍ය වාරණයක් රජය පනවා ඇතැයිද මේ අවස්ථාවේ ඇත්ත වසන් කිරීමෙන් සහ සත්‍ය වාර්තා නොකර සිටීමෙන් වන හානිය වැඩි බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අගමැතිවරයා ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගත යුතු බව කියනවා එහෙත් එය ත්‍රස්තවාදය වැලක්වීමට වඩා ත්‍රස්තවාදය හුරතල් කරන පනතක්.එහි අහිතකර බව ගැන සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා රටට කලින්ම හෙළි කළා.ඒ නිසා ප්‍රතිත්‍රස්ත පනත සම්මත අපි කිසිසේත්ම සම්මත කරගන්න ඉඩ දෙන්නේ නෑ.තිස් අවරුදු කොටි ත්‍රස්තවාදය නැති කළේ ප්‍රතිත්‍රස්ත පනතක් නොතිබියදී බවද ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාද මෙහිදී කතා කළේය.
Views
39
2019-05-12 04:36:40
දේශපාලන පුවත්
ජනප්‍රිය පුවත්