සමාජ මාධ්‍ය යළිත් බ්ලොක් කරලා - ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.


මීගමුව ප්‍රදේශයේ හටගත් කළහකාරී සිදුවීමක් පදනම් කරගනිමින් නැවතත් ෆේස්බුක්,වට්සැප්,ඉන්ස්ටග්‍රෑම්,වයිබර් ආදී සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට මිට සුළු මොහොතකට පෙර ක්‍රියාකර ඇතැයි දැනගන්නට ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

පසුගිය 29 වනදා සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය ක්‍රියාකළත් නැවතත් එම ඉවත්කරගැනීම හකුලා ගැනීමට සිදුකිරීම පිලිබදව අප සමුහයේ බලවත් අප්‍රසාදය රජය වෙත පලකරන අතර සිදුවන සිදුවීම් වලට මූලික හේතුව සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි නොවන බවත් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි යනු තාක්ෂණික මෙවලමක් වන බවත් රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් සැබෑ ගැටලුවලට විසදුම් සෙවීම පසෙකලා සමාජ මාධ්‍ය සියලුම සිදුවීම් වලට වරදකරුවෙක් කරමින් තම බඩගෝස්තරය රැකගැනීමට තාවකාලික පැලැස්තර යෙදීමට කටයුතු කරන බලධාරීන් සියල්ලන්වම අප සමූහය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.



රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
Views
347
2019-05-05 14:55:26