ත්‍රිවිධ හමුදාවට අයත් ඇඳුම් කට්ටල 456ක් ගල්ලෙන් සොයා ගනී
ගාල්ල නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී ස්ථාන 04ක සඟවා තිබියදී ත්‍රිවිධ හමුදාවට අයත් ඇඳුම් කට්ටල 456 ක් පොලිසිය විසින් අද සොයා ගනු ලැබීය.

ගාල්ල සමුද්‍ර වීදියේ වෙළෙඳ සලක තිබී යුද හමුදාව භාවිතා කරන ඇඳුම් තොගයක් සහ හමුදා ඇඳුම්වලට භාවිතා කරන නිල ලාංඡන ගාල්ල පොලීසිය මඟින් අද(05) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ සොදිසි මෙහෙයුමකදි මෙම ඇඳුම් සොයාගෙන තිබේ.

එහිදී යුද හමුදා නිල ඇඳුම් 250ක් සහ හමුදා ඇඳුම්වලට ගන්නා රෙදි සහ නිල ලාංඡන විශාල තොගයක් මේ අතර තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධව සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Views
125
2019-05-05 12:11:40
කාලීන පුවත්