ව්‍යාපාර කටයුතු පණ ගැන්වීම සදහා වහාම සියයට 25 කින්වත් බදු කපාහැරිය යුතුයි - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්


මේ අවස්ථාවේ රටේ ව්‍යාපාර කටයුතු පණ ගැන්වීම සදහා වහාම සියයට 25 කින්වත් බදු කපා හැරීමක් සිදු කළ යුතු යයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එසේ බදු ප්‍රතිශත අඩු කර නැවත වරක් ව්‍යාපාර කටයුතු කිරීමට නව පණක් ලබා දිය යුතුව ඇතැයි ද ඔහු කීවේය.

එසේ දිරි ගැන්වීමක් නොදී ව්‍යාපාර කටයුතු පණ ගැන්වීමට අපහසු තත්වයක් මතුව ඇතැයිද ඔහු කීවේය.
මෙවැනි අවස්තාවකදී කිසිම කෙනෙක් කිසිම ආයෝජනයක් නොකරන බවද ආයෝජන නැතිව රටක් ඉදිරියට ගෙන යාමට අපහසු බවද ඔහු සදහන් කළේය.

එසේම මේ අවස්ථාවේ රජය බලෙන්පො ළී අනුපාත අඩු කිරීමෙන් කිසිම ඵලක් නැතැයි ද එය මැරිච්ච මිනිහෙකුට ඔක්සිජන් දෙන්න යනවා වගේ වැඩක් බවද ඔහු කීවේය.

බෝම්බ ප්‍රහාරවලින් පසු අපේ රටේ තියන සියලුම ආයතන වැටිලා ව්‍යාපාර කටයුතු කඩාකප්පල් වෙලා ඉවරයි. හැමෝගෙම පාහේ ව්‍යාපාර කටයුතු සම්පුර්ණයෙන්ම වගේ විනාශ වෙලා තියෙන්නේ.දැන් මේ තත්වය හමුවේ පොලී අනුපාතය අඩු කළා කියල කිසිම ප්‍රයෝජනයක් නෑ. මේක කරන්න තිබුණේ හරි නම් මීට වසරකට පෙර අප කියපු වෙලාවේ. බැදුම්කර වංචාව නිසා පොළී අනුපාතය වැඩි වුණා සියයට 3 කින් .ඊට පස්සේ දිගටම වසර හතරක් තිස්සේ මේ පොලී අනුපාතය මේ ගානට තිබෙනවා.ඒක නිසා තමයි දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ.දැන් හදිසියේම මේ ලොකු නුවණක් පහළ වෙලා වගේ පොළී අනුපාත අඩු කෙරුවයි කියල වැඩක් නොවන බවද දැන් විනාශය සිදුව අවසන් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

- ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
157
2019-05-01 05:59:53