'කොටස් වෙළෙදපොල ඉතා සරලව' නව මුද්‍රණය එයි


මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත 'කොටස් වෙළෙදපොල ඉතා සරලව' ග්‍රන්ථයේ පස්වන සංශෝධිත මුද්‍රණය දැන් නිකුත් වී ඇත.
කොටස් වෙළෙදපොල පිළිබද මුලික කරුණු රැසක් මෙහි ඉතා සරලව පැහැදිලි කර ඇත.

කොළඹ කොටස් හුවමාරුවේ මාර්ගෝපදේශකත්වය යටතේ සම්පාදනය කර ඇති මේ ග්‍රන්ථයට කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සපයා ඇත.එහි මෙසේ සදහන්ය.
'ආයෝජනය යන පුළුල් විෂය ක්ෂේත්‍රය තුළ කොටස් වෙළෙදපොළෙහි ආයෝජනය සරලව ලිවීම මෙන්ම අවබෝධ කරදීම ඉතා සංකීර්ණ කාරණාවකි.කතුවරයා එය ජයගෙන තිබීම පාඨකයාට මහත් අත්වැලකි.එමෙන්ම අතිශය න්‍යායාත්මක විෂයයක් සරල බස් වහරකින් සන්නිවේදනය කිරීම ඉතාම අපහසු කාර්යයක් වන අතර මෙකී ග්‍රන්ථය එකී අපහසුතාවන් මග හරවා ගැනීමට අත්වැලක් සපයනු ඇත.'
මෙම ග්‍රන්ථය ශාක්‍ය ප්‍රකාශනයකි.සියලු විමසීම් 0773558189 දුරකථන අංකයෙනි.
Views
157
2019-04-29 09:55:38
ව්‍යාපාර පුවත්
ජනප්‍රිය පුවත්