මේ වගේ වෙලාවක විදෙස් සංචාරකයින් ලංකාව තුළට පැමිණීමේ දීම ඔවුන් එහිදීම අතෘප්තියට පත්වීම වැළක්විය යුතුයි - ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා

ශ්‍රී ලංකාව තුළට සංචාරකයින් පැමිණීමේ දී ගුවන්තොටුපළේ ආගමන අංශය කළමනාකරණය සඳහා පුද්ගලයන් යෙදවිය යුතු බවත් එසේ නැතහොත් ලංකාව තුළට පැමිණීමේ දී ඔවුන් එහිදීම අතෘප්තියට පත් වනු ඇතැයි ප්‍රකට ව්‍යාපාරික ධමිම්ක පෙරේරා මහතා පවසයි.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවක දී ධම්මික පෙරේරා මහතා අද (29) දින මේ බව පැවසීය.

“ආගමන අංශයේ තියෙන මැෂින්වල ධාරිතාව අඩුයි කම්පියුටරේ. ස්කෑන් එකේ ටයිම් එක ගන්නවා. ඉස්සරහා තියෙන පෝලිම කළමනාකරණය දැන් දාලා තියෙන්නේ සිංගප්පූරු විදියට නෙමෙයි, තනි පෝලිමේ ගිහිල්ලා යන්න. එතකොට පෝලිම කළමනාකරණයට මිනිස්සුන්ව දාන්න ඕනේ, එයාර්පෝට් එකෙන්, ඒ ඉස්සරහා Queue වලට. මේ ටික ඉවර කළොත් මං හිතන්නේ 30%-40% ක් විතර මේ ආගමන අංශය හදන්න පුළුවන්. නැත්තං මිනිස්සු එනකොටම ආගමන අංශයෙන්ම ඔවුන් depress වෙනවා මේ වගේ වෙලාවක.“

මේ අතර මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

“ආගමන අංශය තාම ලින්ක් වෙලා නැහැ CID database එකට. ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙලා නැහැ. ඒ නිසා කිව්වා ඊළඟ දවස් 3-4 දී ඉන්ටර්පෝල් එකට ලින්ක් වෙන්න. Border security එකටත් link වෙලා නැහැ. අපි කැබිනට් එකෙන් අනුමත කළාට, කවුරුවත් කැමති නැහැ තමන් එක්ක තියෙන තොරතුරු අනෙක් මිනිහට දෙන්න. දැන් ඒකත් බල කර ගෙන යනවා, අපහු අදාළ ඇමතිවරු කැඳවලා, Border security දෙන්න. එතන දී එක එක ප්‍රශ්න ඇති වෙන්න යනවා. තව සුමානයක් දවස් 10 ක් විතර ප්‍රශ්න ඇති වෙයි මේක ලින්ක් කරන එක.“
Views
266
2019-04-29 09:31:25
ආර්ථික පුවත්