ඩුබායිහි පැවති ආසියානු කලාපයේ ප්‍රවීණයන්ගේ සාකච්ඡාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

පසුගිය අප්‍රේල් 6 වන දින ඩුබායිහි මැන්ඩරින් ඔරියන්ටල් ජුමෙයිරා හෝටලයේදී පවත්වන ලද සමීනා කැපිටල් හිමිකරුවන්ගේ උපායමාර්ගික සමූහ රැස්වීමේ ආසියානු කලාපයේ ප්‍රවීණයන්ගේ සාකච්ඡාවේ සාමාජිකයෙකු වශයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහභාගි විය. එම ප්‍ර‍වීණයන්ගේ කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන් වූයේ පිලිපීනයේ හිටපු මුදල් ලේකම් සෙසාර් පුරිස්මා, ඉන්දුනීසියාවේ හිටපු වෙළද ඇමති ගීටා විර්ජාවන්, හොංකොං හි පෙරෙග්‍රීන් සමූහයේ නිර්මාතෘ ෆ්‍රැන්සිස් ලන්ග්, බහරේන් ඔටුන්න හිමි කුමරුගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශ ශෙයික් මොහොමඩ් බින් එසා අල් කලීෆා සහ අරාබි වරායන් සම්මේලනයේ සභාපති ශෙයික් යූසුෆ් අබ්දුල්ලා අල් සභා යන පුද්ගලයන්ය. මෙම ප්‍ර‍වීනයන්ගේ කණ්ඩායම මෙහයවනු ලැබූයේ CNN ජාත්‍යන්තර ප්‍ර‍වෘත්ති නාලිකාවේ පොදු කටයුතු වැඩසටහන ඉදිරිපත් කරන අචාර්ය ෆරීඩ් සකරියා විසිනි.මෙම සාකච්ඡාව කේන්ද්‍ර‍ කරනු ලැබුවේ විවිධ ආසියානු රටවල වර්ධනය වීමට ඇති අවස්ථාවන් සහ ආසියානු කලාපයේ ඇති අනාගත ආර්ථික බලාපොරොත්තු සහ ඉලක්ක පිළිබදවය.

Views
199
2019-04-08 16:51:07
ව්‍යාපාර පුවත්
ජනප්‍රිය පුවත්