ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 60 වන සංවත්සර සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්


ශී‍්‍ර ලාංකේය විශ්වවිද්‍යාල නාමයන් තුළ සුවිශේෂී නාමයක් රැදවූ විශ්වවිද්‍යාලයක් වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිමානවත් 60 වන සංවත්සරය මෙම වර්ෂයට යෙදී ඇත. එය සමරණු වස් විවිධ වැඩසටහන් මාලාවක් සංවිධානයකර ඇති අතර, එහි උත්කර්ෂවත් අවස්ථාවන් ලෙස අපේ‍්‍රල් 2 සහ 3 යන දිනයන් හැ`දින්විය හැකිය. මෙහිදි අපේ‍්‍රල් 2 සහ 3 යන දිනයන් හි දි බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය කේන්ද්‍රකර ගනිමින් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ විද්‍යාජ්‍යොති ආචාර්ය බන්දුල විජේ මැතිතුමාගේ සුරතින් විවෘත වන ‘‘ෂබබදඩ්එැ ීරස ඛ්බන් – 2019’’ නව නිපැයුම් හා නවෝත්පාදන ප‍්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ‍්‍රයේ දී ද , මිනිස් සිරුරේ අසිරිය ’ පිළිබ`ද‘‘වෙදැස වෛද්‍ය ප‍්‍රදර්ශනය” මිහිලක මැදුර ප‍්‍රදර්ශන භූමියේ දී ද එකී දෙදින පුරා පෙ.ව 8.30 සිට රාතී‍්‍ර 09.00 දක්වා පැවැත්වේ.

එමෙන්ම අපේ‍්‍රල් 2 දින සවස 6.30 ට 60 වන වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය හා මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨය විසින් ඉදිරිපත් කරනු ලබන ‘‘සන්දේශාවලී කවින`ඵව’’ සංගීතමය හා නර්තනමය විචිත‍්‍රාංගය වේදිකාගත කිරීම අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා ප‍්‍රධාන ශාලාවේ දී සිදු කෙරේ. එදින එතුමන් වෙත සැට වර්ෂ පූර්ණය නිමිත්තෙන් සම්පාදිත නව ග‍්‍රන්ථ සතක් සංකේතාත්මකව පිළිගැන්වීමෙන් එය ජනගත කිරීමට ද නියමිත ය.

මේ අතර සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ සත්කාරක කාර්යයක් ලෙස විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ම`ගින් නොමිලේ පවත්වනු ලබන ‘ විශේෂඥ වෛද්‍ය ක`දවුර හා මානසික සුවතා වැඩසටහන’ අපේ‍්‍රල් 03 දවස පුරා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ ”නුග සෙවණ” හා ”කමත” හි දී පැවැත් වේ. මෙම ප‍්‍රදර්ශනයන් හි විශේෂත්වය වනුයේ පාසැල් සිසුන්ට එය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා තිබීම ය.

Views
339
2019-03-31 06:41:31