එයා බස් ගිවිසුම ගැන නිශාන්ත වික්‍රමසිංහගෙන් සහ කපිල චන්ද්‍රසේනගෙන් ප්‍රශ්න කරන්න -යසන්ත දිසානායක
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම

ශ්‍රී ලංකන් ගුවන් සමගමේ ඉතා අහිතකර මුල්‍ය තත්වයක් ඇති බව එම සමාගමේ මුල්‍ය කළමනාකරණ අංශ ප්‍රධානියා පවසා තිබියදීත් වර්ෂ 2013 දී එයා බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමගම විසින් ගිවිසුමක් ඇති කරගෙන ඇති බව ඊයේ (28) ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

ඒ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමගමේ අහිතකර මුල්‍ය තත්වයක් පැවති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුල්‍ය කළමනාකරණ අංශ ප්‍රධානී යසන්ත දිසානායක විසින් සමාගම දැනුවත් කර තිබු බවද ඊයේ කොමිසමේදී හෙළිවිය.

වර්ෂ 2013 දී එයා බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමගම විසින් ගිවිසුමක් ඇති කරගත්තේ මන්දැයි තමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඊයේ කොමිසම් හමුවේ සාක්ෂි දුන් යසන්ත දිසානායක මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරෝධය පළ කළේය.

තමා මේ සම්බන්ධයෙන් දන්නා සියලු තොරතුරු කොමිසමට හෙළි කර අවසන් බවත් මේ ගැන ප්‍රශ්න කළ යුත්තේ සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් බවද සාක්ෂිකරු කීවේය.

මේ ප්‍රශ්නය තමාගෙන් කීප වතාවක්ම විමසා ඇති බවද තමාගේ දැනුම අනුව ඒවාට පිළිතුරු දුන් බවද දිසානායක මහතා කීවේය.

එයා බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 146.1 ක වටිනාකමකට ගිවිසුම්ගත වන අවස්තාවේදී ( වර්ෂ 2013 දී ) ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව පැවතියේ රුපියල් බිලියන 89.4 ක වත්කම් ප්‍රමාණයක් පමණක් බවද දිසානායක මහතා මීට පෙර කොමිසම හමුවේ පවසා තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ට සම්බන්ධයෙන් කොමිසම හමුවේ චෝදනා රැසක් එල්ල වී තිබුණත් තවමත් ඔවුන් කම් සාක්ෂි ලබා ගැනීම සදහා කොමිසම හමුවට කැදවා නැත.කොමිසමේ විමර්ෂණ කාලය ලබන මැයි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබුණත් කොමිසමේ රහස් පොලිස් ඒකකය විසින් ප්‍රශ්න කිරීමට දැනටමත් ලක් කර සිටින ගෝඨාබය රාජපක්ෂ ,ආචාර්ය පී.බී ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද තවමත් සාක්ෂි ලබා ගැනීම සදහා මෙම කොමිසම හමුවට කැදවා නැත.



.





Views
152
2019-03-28 14:18:38