හැරිසන්ගේ අමාත්‍යංශයෙන් ගොවීන්ට දුන් ගවයන් ගැන පරීක්ෂණයක් කරන්න - මස්කෙළිය ලැමමෝර් සත්ත්ව ගොවිපොළේ සභාපති අමල් සුරියගේ
- රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම

පී.හැරිසන් මහතා ඇමති ධුරය දරන ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයෙන් දියත් කළ ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ලද දෙනුන් ගිවිසුම්ගත තත්වයට වඩා පටහැනි නිසා ගොවිපොළ හිමියන්ට විශාල පාඩු විසින්නට සිදුව ඇති නිසා ඒ ගැන පුර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව මස්කෙළිය ලැමමෝර් සත්ත්ව ගොවිපොළේ සභාපති අමල් සුරියගේ මහතා ඊයේ (26) රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

තමා මේ යටතේ රජයෙන් ලබාගත් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ ගවයන් 200 න් නම දෙනෙක් 2018 මැයි 22 වන විට මියගිය බවත් තවත් දෙනුන් 21 දෙනෙක්ගේ වසු පැටවුන් උපත ලබද්දීම මියගොස් සිටීම සහ ගබ්සා වීම් සිදුව තිබූ බවත් ඔහු ඊයේ කොමිසමට හෙළි කළේය.
මෙම දෙනුන් හදුනා නොගත් රෝගවලින් පෙළුණු බවද ඔවුන් බිහිකළ වසු පැටවුන්ගේ මරණ අනුපාතය ඉතාම ඉහළ අගයක් ගත් බාද සාක්ෂිකරු කියා සිටියේය.

රජය මේ දෙනුන් ලබා දීමේදී ඇති කරගත් ගිවිසුමට අනුව එක දිනකට කිරි ලීටර් 20 ක් ගතහැකි බව ප්‍රකාශ කළද මේ ආනයනික දෙනුන්ගෙන් දිනකට කිරි ලීටර් අටක්වත් ගත නොහැකි බවද මහතා කීවේය.


මෙම එක ගවයෙකු වෙනුවෙන් ගොවිපොළ හිමියන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වය කර ඇති බවද මේ සම්බන්ධයෙන් තමා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාට 2018.05.24 දින ලිඛිතව පැමිණිලි කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

එම ලිපිය සාක්ෂිකරු විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කළ අතර එය ඊයේ කොමිසමේ ලේඛනයක් ලෙස සලකුණු කරන ලදී.
මස්කෙළිය ලැමමෝර් සත්ත්ව ගොවිපොළේ සභාපති අමල් සුරියගේ මහතා අද (27) දින යළි කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය

2015 ජනවාරි 15 දින සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යයයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිෂම ඊයේ (26) උදේ 10.00 ට පමණ රස විය.

මෙම කොමිෂමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


Views
70
2019-03-26 06:43:24
ජනප්‍රිය පුවත්