කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමය අනුගමනය නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා - ලංකා විදුලි සේවක සංගමය
කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමය අනුගමනය කිරීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් සූදානම් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

මේ නිසා කෙරවලපිටිය එල්එන්ජී ( LNG) ටෙන්ඩරය නිසි පටිපාටියට අනුව ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

විදුලිබල අමාත්‍යංශය විසින් ඉදිරිපත් කල සංදේශය අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය නිසා රටට රුපියල් බිලියන 90 ක අලාභයක් සිදුවන බව ද ඔහු කීවේය.

මේ ටෙන්ඩරය සදහා ආයතන පහක් සුදුසුකම් ලබා ඉන් අඩුම මිල ඉදිරිපත් කළේ ලක්දනවි සමාගම බවද එහෙත් මෙය චීන සමාගමකට දීමට රජය කටයුතු කළ බවද ඔහු කීවේය.
මේ ගනුදෙනුව සිදුවුයේ රංජිත් සියඹලාපිටිය සහ අජිත් පී පෙරේරා හිටිය කාලේ බවත් මේ ගැන වත්මන් ඇමති රවී කරුණානායක මහතා සමග සාකච්ජා කර තවත් මාධ්‍ය සාකච්ජාවක් කරන බවද ඔහු කීවේය.

කොළඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ දී ඊයේ(14) පැවති මාධ්‍ය සාකච්ජාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මේ බව කියා සිටියේය,

ලක්දනවි නමැති දේශීය සමාගම විසින් විදුලි ඒකකයක් සදහා රුපියල් 14.97ක මිලක් ලබාදී තිබියදී රුපියල් 15.97ක මිලක් ලබාදුන් චීන සමාගම තෝරාගැනීම මඟින් ටෙන්ඩර් ක්‍රියාදාමයේදී අනුගමනය කල යුතු විදුලිබල පණතේ සදහන් අවම මිල පිළිබඳ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය වන බව මෙහිදී රංජිත් ජයලාල් මහතා ප්‍රකාශ කළේය.

මෙහි ප්‍රසම්පාධන කටයුතුවලට සෘජුවම අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ බවට චෝදනා ඇති බවත් තමන් ඒවා ප්‍රතික්ෂේප නොකරන බවත් ඔහු පැවසීය

ලක්දනවි සමාගම මෙම ටෙන්ඩරය ලැබීමට සුදුසු නැතිනම් වෙනත් කිසිදු සමාගමක් මෙම ටෙන්ඩරය ලැබීනට සුදුසු නොවන බවද ජයලාල් මහතා එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් පවසා සිටියේය.



















Views
168
2019-03-17 07:43:18
කාලීන පුවත්