තවත් බදු බර වැඩි වෙන අයවැයක් - ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන


මේ වර්ෂය (2019) මැතිවරණ වර්ෂයක් නිසා රටේ තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය වසන් කරමින් දේශපාලන වැසි තකා බොරු සහන මලු ජනතාවට ඉදිරිපත් කරමින් මෙවර අයවැය මගින් ජනයාට කොළේ වසා සෙල්ලම් කරනු ඇති බවත් එහෙත් ඵලක් නොවනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙය මේ රජයේ අවසන් අයවැය වනු ඇති බවද මේ රජය නිර්මාණය කරගෙන තිබෙන ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුද්ධය හමුවේ මෙවර අයවැය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විලංගු මත ඉදිරිපත් කරනු ලබන මුල්‍ය අරමුදලේ නියෝග ,නියමයන් සහ කොන්දේසි ඉටු කරනු ලබන අයවැයක් වනු ඇතැයිද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

මේ නිසා අයවැය හිගය අඩු කර ගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබී ඇති උපදෙස් අනුව මෙවර අයවැයෙන් තවදුරටත් ජනතාව මත බදු බර පටවමින් මෙතෙක් සිදුකරගෙන පැමිණි බදු දඩයම තවදුරටත් ඉදිරියට ගෙනියනු ඇතැයිද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.

වර්ෂ 2020 වන විට රජයේ අයවැය හිගය සියයට 3.5 දක්වා අඩු කර ගන්නා ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රජයට උපදෙස් ලැබී ඇති බවත් ඒ අනුව
රජයේ බදු ආදායම් වැඩි කර ගනිමින් වියදම් අඩු කර ගැනීමට රජයට සිදු වනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

වර්ෂ 2018 වන විට මේ රජය බලයට පත් වන විට පැවති රුපියල් බිලියන 1000 ක පමණ බදු ආදායම ගිය වසර (2018) වන විට රුපියල් බිලියන 2000 ක් පමණ දක්වා සියයට සියයකින් වැඩි වී තිබෙනවා.මෙවර අයවැයෙන් තවත් රුපියල් බිලියන එකසිය පනහකින් පමණ ජනතාවගේ බදු බර ඉහළ නැංවීමට ආණ්ඩුව සුදානම් වන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
මේ නිසා දැනටමත් දරා ගන්න බැරි බදු බරකට මුහුණ දී සිටින ජනයාට මෙවර අයවැයෙන් තවත් විශාල පීඩනයකට මුහුණ දීමට සිදු වනු ඇති බවද ඒකාබද්ධ විපක්ෂය නිසැක වශයෙන්ම එරෙහි වන බවද කි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේ ජනතාවට කොලේ වහල ගසන්නේ නැතිව රට මුහුණ දී සිටින සිටින සැබෑ ආර්ථික අර්බුදය රටට හෙළි කරන ලෙස මුදල් ඇමති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

Views
81
2019-03-04 05:19:15
ජනප්‍රිය පුවත්