2018 දී ආර්ථිකය වර්ධනය සියයට 3 දක්වා පහත වැටිලා - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
ගිය (2018) වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 3 කට ආසන්න අගයකින් බවත් එය තමන් අපේක්ෂා කළ ආර්ථීක වර්ධන වේගයට වඩා අඩු අගයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මෙවැනි ආර්ථික පසුබෑමක් නිර්මාණය වුයේ වසර 17 කට පසුව බවද අද(22) පැවැති මහ බැංකු මාධ්‍ය හමුවේදී අනාවරණය වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

“සියයට 4 ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනවා. 2018 වසර අවසානය වන විට අපේක්ෂිත අගය ලෙස දැක්වුණේ සියයට 3 ක ආර්ථික වර්ධන වේගයක්. එය අපේක්ෂිත අගයට වඩා පහළ අගයක්.

එතන ලොකු වෙනසක් තිබෙනවා. රටක් වශයෙන් ජන සංයුතිය තුළින් ලැබෙන ප්‍රතිලාභ ඇතිවුවත් නැතිවුවත් ඉතාමත් පහසු වෙනවා වර්ධන වේගයක් අත්පත් කරගන්න.

ජනගහනය වැඩිවීමත් සමග ඔබට අවශ්‍ය වන්නේ ශ්‍රමිකයින් යෙදවීම. නමුත් එය නැතිවු විට ඉතාමත් අපහසුයි වර්ධනයක් අපේක්ෂා කරගන්න. එවිට එම වර්ධන වේගය ළඟාකර ගත හැක්කේ නව නිෂ්පාදනීකරණයක් හා නවෝත්පාදනයක් මාර්ගයෙන්. එයද නැතිවූ විට අපේක්ෂිත අරමුණ කරා ළඟාවිය නොහැකියි.

සියයට 4 ක හෝ 5 ක ප්‍රතිශතයක් ආර්ථික වර්ධන වේගයක් ළඟාකර ගැනීමට අපහසුයි.

ඔබ දන්නවා දේශපාලන අස්ථාවර භාවයද ඊට එක් සාධකයක් වනවා. ඒ නිසා ඉතා වැදගත් වනවා දේශපාලන ස්ථාවර භාවයක් පවත්වාගෙන යාම.“



Views
304
2019-02-22 23:02:30
ආර්ථික පුවත්