රේගුව හරහා ජාවාරම් කරන අයගේ නම් හෙළිකරන්න පරීක්ෂණවලින් තහවුරු විය යුතුයි - මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර


රේගුව මෙහෙයවන්නේ එක්තරා ව්‍යාපාරික මාෆියාවක් බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (06) මුදල් අමාත්‍යංශයෙදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙයට අතහිත දෙන නිලධාරීන් රේගුවේ සිටින බවද ඇමතිවරයා කීවේය.

පරීක්ෂණ වලින් තහවුරු වූ පසු ඒ මාෆියාවට සම්බන්ධ අය රටට හෙළි කරන බවද ඇමතිවරයා කීවේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඉතාමත් වුවමනාවෙන් වැඩ කළත් රේගුවේ තිබෙන මුදල් නාස්තිය සහ සොරකම් කිරීම ඉතාම වැඩි නිසා මුදල් අමාත්‍යංශයට ලබා දුන් අදායම් ඉලක්කයට ගමන් කිරීමට බැරි වූ බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා කීවේය.

ගිය වසරේදී රුපියල් බිලියන 1068ක අදායමක් රේගුවෙන් අපේක්ෂා කළත් ලබා ගත කැකි වුයේ රුපියල් බිලියන 921ක අදායමක් පමණක් බවද ඇමතිවරයා කීවේය.
ඉන්දුලංකා ගිවිසුම යටතේ ඇති වාසි ලබා ගන්මින්
ගම්මිරිස් ,පුවක් වැනි ජාවාරම් ක්‍රියාත්මක වීම නිසා රටට විශාල අදායමක් අහිමි වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ගොවියාට මේ අදායම් නොලැබෙන බවත් ඇමතිවරයා කීවේය.


රේගුව හරහා මේ ජාවාරම් කිරීම මහින්ද රාජපක්ෂ කාලෙදියි පටන් ගත්තේ,අපේ ආණ්ඩුව පත් වුනාට පසුව අපේ ආණ්ඩුවේ ඇතැම්අයත් මේවට සම්බන්ධ වී ඇති බවට ඉගි තිබෙන නමුත් පරීක්ෂණ වලින් තහවුරු වෙන තෙක් නම් කිව නොහැකි බවද ඇමතිවරයා තවදුරටත් කීවේය.


.එහෙත් පරීක්ෂණවලින් තහවුරු වෙන තෙක් ඒ නම් හෙළි කරන්න බැහැ .පරීක්ෂණ වලින් තහවුරු වුනොත් ඒ නම් එදාට හෙළි කරනවා.චාල්ස් මැතිණිය යකඩ ගැහැනියක්.එහෙත් ඇයටත් වඩා මේ මාෆියාව බලවත් ඒකයි ඇයටත් වඩා ශක්තිමත් කෙනෙක් පත් කරන්න අදහස් කළේ.එහෙත් ඒ නිසා ඊට වඩා ප්‍රශ්න ඇති වෙන නිසා මම ඒ තීරණය ඉවත් කර ගත්ත.දැන් අයව නැවත පත් කර තිබෙනවා.ඇය මාසයක් දෙකක් ඇතුලත වාර්තාවක් ලබා දේවි පරීක්ෂනවල ප්‍රගතිය ගැන.මෙතුමිය නාවික අංශයක් රේගුවට ඉල්ලා තිබෙනවා.එයත් අපි ලබා දීමට කටයුතු කරනවා.අපි කිසි විටෙකත් එතුමියට බලපෑම් කළේ නෑ

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (06)සවස මුදල් අමාත්‍යංශයෙදී පවතී මාධ්‍ය හමුව අමතමින් මෙසේ කීවේය

Views
314
2019-02-06 12:59:48
ආර්ථික පුවත්