රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යළි සේවයට

තනතුරින් ඉවත් කිරීම නිසා ඉමහත් ආන්දෝලනයට ලක් වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය අද
(05) නැවත එම තනතුරට පත් කර ඇත.


රජයේ අමාත්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අද (05) පස්වරුවේදී කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ බව සනාථ කළ බවයි.


චාල්ස් මහත්මියව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු එම තනතුරට පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (5) පැවැති කැබිනට් රැස්වීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරිමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇතැයිද දිවයින'ට වාර්තා වේ.

පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බවට නිල දැනුම් දීමක් මුදල් අමාත්‍යංශයෙන් ලැබුණු නිසා සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඊයේ රාත්‍රියේ අවසන් කළ රේගු අධිකාරි සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා දිවයිනට කීවේය.


රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටියේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවීම සඳහා අද (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර

ඒ සම්බන්ධයෙන් තවමත් රෙගු දෙපාර්තමේන්තුවට නිල දැනුම් දීමක් කිරීමෙන් පසු සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු අධිකාරි සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා තවදුරටත් දිවයිනට කීවේය.

මේ අනුව පී.එස්.එම්. චාල්ස් මහත්මිය හෙට (06) උදේ මුදල් ඇමති මංගල සමරවීර මහතා හමුවීමට නියමිතය.

Views
186
2019-02-05 11:43:52