ඉන්දියාවේ 70 වන ජනරජ දිනය නිමිත්තෙන් සරෝද් වාදන ප්‍රසංගයක්




ඉන්දියාවේ 70 වන ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රවීණ සරෝද් වාදන ශිල්පීන් වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අයාන් අලි බන්ගාෂ් සහ අමාන් අලි බන්ගාෂ් විසින් මෙහෙය වන විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා ( ජනවාරි 25) ප.ව. 6.45 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ටාජ් සමුද්‍රා හෝටලයේ සහයෝගය සහිතව මෙය සංවිධානය කළ අතර මෙය ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රථම සංගීත ප්‍රසංගය විය. සත්‍යජිත් තවල්කාර් සහ ශුභ් මහාරාජ් යන ප්‍රවීණ වාදන ශිල්පීන්ද මෙම ප්‍රසංගය සඳහා සහභාගී වී සිටියහ.

20 වන ශත වර්ෂයේ ප්‍රවීණ සරෝද් වාදන ශිල්පියෙකු වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන් සිය පවුලෙන් මෙම හැකියාව උරුම කරගත් හයවෙනි පරම්පරාවට අයත් වේ. ඉන්දීය රජය විසින් පිරිනමන ලද පද්ම විභූෂණ සම්මානයද යුනෙස්කෝ සහ යුනිසෙෆ් වෙතින් පිරිනමන ජාත්‍යන්තර සම්මානද ඔහු විසින් හිමි කරගෙන ඇත. තම පියාගේ උරුමය ඉදිරියට ගෙන යමින් අයාන් අලි බන්ගාෂ් සහ අමාන් අලි බන්ගාෂ් ඉතාම ලාබාල වියේදීම ඔවුන්ටම අවේණික සුවිශේෂී හඬක් ගොඩනඟා ගෙන ඇත.මේ අවස්ථාවට හටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ කතානායක කරු ජයසුරිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.ජයරුපයෙන් දැක්වෙන්නේ එම සංගීත ශිල්පීන් සරෝද් වාදනයේ යෙදුණු අයුරු සහ ප්‍රධාන ආරාධිතයන් සමග ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සින්ග් සන්දු මහතා උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වූ අයුරුයි.
Views
337
2019-01-27 04:23:53