මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළු මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා අවුරුදු 63 වියේ පසු විය.

1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ සැම්සන් මාකස් පීරිස් මහතා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

‘ශක්තිය ඔබයි අම්මේ, රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94, සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි

අවමංගල කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.
Views
390
2019-01-20 05:36:19