නේපාල ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනය ඇරඹේ










නේපාල සංචාරක මණ්ඩලය සහ නේපාල සංචාරක නියෝජිත සංවිධානය ප්‍රථම වතාවට වතාවට සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනය ට (Buddhist International Travel Mart) රටවල් රැසකින් පැමිණි නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) නේපාලයේ ලුම්බිණියේදී එම ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනයට ආරම්භ විය.

මේ නියෝජිතයින් බොහෝ දෙනෙක් සඳුදා (07) නේපාලයේ කත්මන්ඩු නුවරට පැමිණ නොයෙකුත් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසු ඉකුත් ජනවාරි 11 වැනිදා ලුම්බිණියට පැමිණ සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ස්ථානය දැකගෙන එය වන්දනා කළහ. බුදුන් උපන් තැන සෑම බොදුනුවෙක් විසින්ම දැක බලා පහන් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරෙන් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර තිබේ. සිදුහත් කුමරා උපන් එම ස්ථානයේ අශෝක අධිරාජයා පිහිටුවා ඇති අශෝක ස්ථම්බයද මේ සමග දැක්වේ.

.මේ පිරිස ජනවාරි 13 දින දක්වා එරට රැදී සිටිමින් ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වෙති.

සිදුහත් කුමරා උපන් ලුම්බිණිය මුල් කර ගනිමින් බෞද්ධ වන්දනා සංචාරක ස්ථානයක් ලෙස එරට ප්‍රචලිත් කිරීමේ මේ
ප්‍රදර්ශනයේ අරමුණයි.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව විවිධ සහ රටවල මාධ්‍යවේදීන් සහ බ්ලොග්කරුවන් සදහා දින කිහිපයක දැනුවත් කිරීමේ

චාරිකාවක් අදාළ ආයතනය විසින් සංවිධානය කර ඇත
Views
338
2019-01-11 18:32:33