ඇමරිකානු ඩොලරය රු.184 ත් පසු කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක අගය අද (28) රු.184 ද පසු කරගෙන ගියේය.


මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල
ඊයේ රුපියල් 184.07 ක් දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (27) රු.183.55 ක් විය.



මේ වසරේ (2018) දෙසැම්බර් මස 21 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 15.5 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය තුළ මෑතදී දක්නට ලැබුණු පීඩනය ඉකුත් ඔක්තෝබර මාසයේදීද පැවති බවද මහ බැංකුව කියයි.
Views
199
2018-12-28 05:53:09