විපක්‍ෂ නායක ධූරය ගැන මගේ තීරණය සිකුරාදා කියනවා - කතානායක


විපක්‍ෂ නායක ධූරයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්‍ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය මතු කළ විරෝධතාවය පිළිබද තම තීරණය සිකුරාදා (21) ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේදී කීවේය.

මහ මැතිවරණයට තරග කළ එජනිස පක්‍ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව විසින් පිළි නොගන්නා වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගැනීම නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්ත‍්‍රීධූරය අහෝසි වී ඇතැයි සභානායක ලක්‍ෂමන් කිරි ඇල්ල මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා කීවේය. එම නිසා රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ලෙස කටයුතු කළ නොහැකි බව ඔවුන් කියා සිටියේය.

ඊට අමතරව විධායකයේ ප‍්‍රධානියා ලෙස සහ ඇමැති ධූර තුනක් දරමින් අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත‍්‍රීපාල සිරිසේනප මහතා බැවින් එම පක්‍ෂයේම සාමාජිකයෙකු විපක්‍ෂ නායකධූරයට පත් කිරීම කළ නොහැකි බව සුමන්තිරන් මහතා කීවේය.

මෙම කරුණු පිළිබද සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසද එම මන්ත‍්‍රීවරු ඉල්ලා සිටියහ.
ඉදිරිපත්වූ කරුණු අනූව තම තීරණය සිකුරාදා ලබා දෙන බව කතානායකවරයා කීවේය.

Views
229
2018-12-18 13:48:57
දේශපාලන පුවත්