එජනිස මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට එක්වෙති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්‍ෂමන් සෙනෙවිරත්න , ඉන්දික බණ්ඩාරනායක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු අද (18) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ සිට ආණ්ඩුපක්‍ෂයට ගොස් අසුන් ගත්තේය.

පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වී සුළු මොහොතක් ගතවූ පසු මන්ත‍්‍රීවරු තිදෙනා එකවර විපක්‍ෂයේ තම අසුන්වලින් නැගිට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ ඝෝෂාව මැද සභාව හරහා ගොස් ආණ්ඩු පක්‍ෂයට ගොස් ඉදිරිපෙළ අසුන්වල හිද ගත්තේය. ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු සිය මේස මතට තට්ටු කර ප‍්‍රසාදය පළ කරමින් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් තිදෙනා පිළිගත්හ.
මන්ත‍්‍රීවරුන් තිදෙනා මෙසේ විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂය වෙත ගියේ මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ලෙස පත් කළ බවට කතානායකවරයා විසින් නිවේදනය කළ පසුවය. මේ අවස්ථාවේදී විපක්‍ෂ නායක මහින්ද රාපක්‍ෂ මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය අසුන්වල හිදගෙන සිටියේය.
ආණ්ඩු පක්‍ෂයට ගිය විිජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වීම සදහා හේතුවූ කරුණු සදහන් කරමින් කතා කළේය.


Views
246
2018-12-18 13:30:12
දේශපාලන පුවත්