මහින්ද ඉල්ලා අස් වෙයි
මහින්ද රාජපක්ෂ මහතා හෙට දින විශේෂ ප්‍රකාශයක් කර අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Views
284
2018-12-14 12:55:35
දේශපාලන පුවත්