' ඈන් මාලි - මතක සැමරුම් 'ග්‍රන්ථය කොළඹ අගරදගුරු තුමන්ට පිළිගැන්වේ





' ඈන් මාලි - මතක සැමරුම් 'ග්‍රන්ථය කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට පිළිගැන්වීම පසුගියදා (13) කොළඹ අගරදගුරු නිලනිවසේ දී සිදු විය.

' ඈන් මාලි - මතක සැමරුම් 'ග්‍රන්ථය ඈන් මාලි මහත්මියගේ පුත් මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් සංස්කරණය කර ඇත.කොළඹ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක එඩ්මන් තිලකරත්න පියතුමා ඇතුළු පියතුමන්ලා , ඈන් මාලි මහත්මියගේ සොයුරු රොහාන් පෙරේරා මහතා ද සහ ' දිවයින ' දෙව්මැදුර සංස්කාරක ජේෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පළිහවඩන මහතාද මේ අවස්ථාවට එක් විය.ජයාරුපයෙන් දැක්වෙන්නේ ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා සිය මෑණියන් පිළිබද රචිත ග්‍රන්ථය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට පිළිගැන්වූ අයුරුයි.
Views
334
2018-12-14 12:30:55