උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිගයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්


එළැඹෙන උත්සව සමයේ වෙළෙදපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිගයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උත්සව සමයේ ජීවන වියදම පිළිබද සාකච්ඡුා කිරීම වෙනුවෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡුාවක දී ය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු, මුදල් අමාත්‍යාංශයේ සහ වෙළෙද අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු අදාළ සියලූ පාර්ශ්වයන් ජනාධිපතිතුමා විසින් මෙම සාකච්ඡවට කැදවා තිබුණි.

වෙළෙදපොළ තුළ අසාධරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළදපොළ මිල පිළිබද අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා, වෙළෙදපොළ මිල දර්ශක පිළිබද නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.

එමෙන්ම එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.

වෙළෙදපොළ තුළ තෙල් මිල අඩුවීමේ ප‍්‍රතිලාභය වක‍්‍රාකාරව පාරිභෝගියා වෙත ලබාදීමේ ක්‍රමවේද පිළිබදවද මෙහිදී අවධානයට ලක්විය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නල මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරුන් ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

Views
321
2018-12-11 12:31:02
ආර්ථික පුවත්