TT Warsaw හිදී ශ්‍රී ලංකාව බැබළෙයි




පෝලන්තයෙන් පැමිණෙන සංචාරකයන් ගණන,පසුගිය වසරේ සිට දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර,මෙම වසරේ ඔක්තෝම්බර් මස වන විට සංචාරක පැමිණීම් 44.32% ක නව මිනුම් ලකුණට ළඟා වී ඇත. මෙම නැඟී එන වෙළඳපො‍ළෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට, පෝලන්තයේ සංචාරක සහ චාරිකා කර්මාන්තයේ ප්‍රධානතම සංචාරක ප්‍රදර්ශනයකට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහභාගී විය.

ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයක් වන TT Warsaw ප්‍රමුඛතම පෝලන්ත සංචාරක ප්‍රදර්ශනයක් වන අතර, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ සංචාරක කර්මාන්තය උදෙසා ඉලක්ක කොට ඇති වඩාත් වැදගත්ම වෙළඳ ප්‍රදර්ශනවලින් එකකි. ශ්‍රී ලංකාව මෙම අවස්ථාව සඳහා නිත්‍ය සහභාගීකරුවෙකු වන අතර, මෙම වර්ෂයේ සහභාගීත්වය, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ ශ්‍රී ලංකාව ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් වීමට ඇති හැකියාව තවදුරටත් ඉස්මතු කරමින්, බෙහෙවින් වියදම් කරන සංචාරකයන් ශ්‍රී ලංකාවට වෙත ආකර්ෂණය කර ගැනීමට ඉවහල් විය.


සංස්කෘතික හා විද්‍යා මන්දිරයේදී පැවැත්වූ TT Warsaw සංචාරක හා චාරිකා ප්‍රදර්ශන වෙළඳපොළට රටවල් 53කටත් වැඩි ගණනක, ආසන්න වශයෙන් ප්‍රදර්ශනකරුවන් 500ක් පමණ සහභාගී විය. මන්දිරය ජීවයෙන් පිරී ඉතිරී ගිය අතර, වර්ණවත් හා බහුසංස්කෘතිකමය සංදර්ශනය ජන සමූහයන් ඇඳ බැඳ ගැනීමට සමත් විය. මෙම අවස්ථාව සඳහා 20,000 ක පිරිසක් සහභාගී වී ඇති බැව් වාර්තා වේ.

මෙය ප්‍රදර්ශනය පැවැත්වෙන 25වන වතාවයි. මෙය ප්‍රදර්ශනය පෝලන්ත සංචාරකයන් ආකර්ෂණය කිරීමට දැඩි උනන්දුවත් දක්වන බොහෝ රටවල්වලට සහභාගී වන, විශාල ප්‍රදර්ශනයක් දක්වා වර්ධනය වී ඇති ඇත. ඵලදායී සාකච්ඡා පැවැත්වීමට සහ කර්මාන්තයේ ව්‍යාපාරවලට ඒකිනෙකා සම‍ඟ සම්බන්ධ වීමට ජාල සාදා ගැනීමට තෝතැන්නක් ලෙස ද මෙම සංචාරක සංදර්ශනය ජනප්‍රිය වී ඇත. ප්‍රදර්ශනයේ පළමු දින විශේෂයෙන්ම කර්මාන්ත සහ ව්‍යාපාරික රැස්වීම් සඳහා වෙන් කොට ඇත්තේ මේ කාරණය හේතුවෙනි.

පෝලන්තය, ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සඳහා නැඟී එන වෙළඳපොළවල් අතරින් එකකි. මිලියන 38ක ජනගහනයක් සතු පෝලන්තය, ලොව 69 වන විශාලතම රට වන අතර, යුරෝපයේ 09 වන විශාලතම රට වේ. පෝලන්තයේ ඉහළ ආදායම් ආර්ථිකය, පශ්චාත් -කොමියුනිස්ට්වාදී රටවල් අතරින් යහපත්ම ආර්ථිකයක් ලෙස සැලකේ. තවද, වර්තමානයේ පෝලන්තය යුරෝපියානු සංගමය තුළ තිබෙන වඩාත් ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල්වලින් එකකි. කලාපයේ ඇති වූ ආර්ථික පසුබැස්ම හේතුවෙන්, පෝලන්තයේ බාහිර සංචාරක ක්ෂේත්‍රය 2009 වර්ෂයේදී පිරිහුණු වූ බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. නමුත් රටේ ඇති වූ යහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන්, 2010 වර්ෂය වන විට එය ප්‍රකෘති තත්ත්වයට ළඟා වෙමින් තිබුණි.ශ්‍රී ලංකාව විසින් නැගෙනහිර යුරෝපියානු කලාපයේ, නැඟී එන වෙළඳපොළවල් අතරින් එකක් ලෙස පෝලන්තය හඳුනා ගෙන ඇත.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ දැවැන්ත ආකර්ශනයක් හිමි වූ අංගයක් වූයේ ඩිල්මා විසින් ඉදිරිපත් කළ තේ ප්‍රදර්ශනාගාරයයි (Tea boutique). සුප්‍රකට සිලෝන් තේ උගුරක් තොල ගෑමට මහත් ආශාවෙන් බලා සිටි අමුත්තන් 1000කට වැඩි පිරිසක් ආකර්ශනය කර ගැනීමට ඩිල්මා විසින් ඉදිරිපත් කළ තේ ප්‍රදර්ශනාගාරය සමත් වූ බව වාර්තා වේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ප්‍රධාන, කර්මාන්තයට ඇල්මැති පාර්ශවයන් මෙම වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතර, ඇටිකන් ස්පෙන්ස් සංචාරකයෝ, ජෙට්වින්ග් සංචාරකයෝ, ට්‍රොපිකල් ඒෂියා සංචාරකයෝ, ආයුබෝවන් චාරිකා සහ සංචාරකයෝ, සන්වේ හොලිඩේස්, NKAR චාරිකා සහ සංචාරකයෝ, ක්ලෝවර් ලංකා චාරිකා, රිලැක්ස් ලංකා චාරිකා සහ ලක්ස් ඒෂියා මීට ඇතුළත් විණි. කර්මාන්ත ඇල්මැති පාර්ශවයන්ගෙන් සැදුම්ලත් සම්භාවනීය සභාවක් මධ්‍යයේ, ශ්‍රී ලංකානු තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කරන ලදී.

මෙම අවස්ථාවේදී අලෙවිකරණ නිලධාරිනී, ශිරානි හේරත් මහත්මිය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කෙරිණ.

පෝලන්තයේ ශ්‍රී ලංකානු තානාපති, තිස්ස විජේරත්න මහතා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය විවෘත කරමින්.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිකරණ නිලධාරිනී ශිරානි හේරත් මහත්මිය එදෙස බලා සිටී.


Views
500
2018-12-03 13:28:41