අලුත් දේශපාලන පක්ෂයක්නව සන්ධානයක් ලෙස ලියාපදිංචිකිරීමට කටයුතු කරනවා - හිටපු අගමැති රනිල් කියයි


සියලු දෙනාටම එක්විය හැකි අලුත් දේශපාලන පක්ෂයක් නව සන්ධානයක් ලෙස ලියාපදිංචිකිරීමට කටයුතු කරන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(28) සවස අරලියගහ මන්දිරයේ පැවති පක්ෂ නියෝජිත හමුවකදී ඔහු මේ බව කීවේය.
එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිත හමුව අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Views
348
2018-11-28 12:01:27