පොලිස් ලොක්කෝ අද කොළඹ එති

පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (26) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව පසුගිය පස්වන දින පැවැත්වීමට නියමිතව තිබුණ ද නොවැලැක්විය හැකි හේතුවක් මත එය අවලංගු කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබුණි.

Views
324
2018-11-25 23:23:23