හෙට පාර්ලිමේන්තු සභා වරයට යන එක ගැන ආණ්ඩු පක්ෂය හෙට උදේ තීරණයක් ගන්නවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

පාර්ලිමේන්තු සභා වාරයට හෙට (19 ) සහභාගී වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමෙන්පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී අද දින පෙරවරුවේ අවසන් තීරණය ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හෙට(19) පෙරවරු 11.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව කොළඹ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි ආකාරයෙන් පූර්වාදර්ශයක් වන පාර්ලිමේන්තුවකට සහභාගිත්වය ලබා දීමෙන් එයට සුජාත භාවයක් ලබා දීම සිදු නොකළ යුතු බව ඔවුන්ගේ පුද්ගලික අදහස වන බවත් පැවසීය.
Views
216
2018-11-18 11:31:24
දේශපාලන පුවත්