ශ‍්‍රීලනිපය පොහොට්ටුවත් සමග එක්ව මහ මැතිවරණයට ඒමට සුදානමක්


ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ මූලිකත්වය ඇතිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් සියලූ පාර්ශව එකතුවෙන් ගොඩ නැගෙන පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එහිදී "නෙළුම් පොහොට්‌ටුව" ලකුණින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්‌ථාවරය බව සම කැබිනට්‌ ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා කියයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක්‌ අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (12 වැනිදා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතවය .

ජනාධිපතිවරයාට එම ස්‌ථාවරය දැනුම් දීමෙන් පසු පොදු එකඟතාවක්‌ ඇතිකර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව බවද කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා කියයි.
Views
240
2018-11-11 23:58:44
දේශපාලන පුවත්