අගමැති මහින්ද ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෛත්‍රී හැර යයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික මන්ත්‍රීවරු රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රීලනිපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (11) ලබා ගත්තේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ඊයේ (11) පෙරවරුවේ මෙම උත්සවය සංවිධානය පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී ඒකනායක, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිලමේ, සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන අය සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඊට අමතරව මහින්දානන්ද අළුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, ෂෙහාන් සේමසිංහ, නාමල් රාජපක්ෂ, ජනක වක්කුඹුර, දුලිප් විජේසේකර, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ප්‍රියංකර ජයරත්ත, නිමල් ලන්සා, කාංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක, ප්‍රසන්න රණවීර, යන හිටපු මන්ත්‍රීවරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
Views
377
2018-11-11 15:55:11