16 වැනිදාට අපි බහුතරය පෙන්වනවා - සුසිල් ප්‍රේමජයන්ත
ලබන 16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනවිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ බහුතර බලය පෙන්වීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අද (03) අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත් විය.


Views
348
2018-11-03 15:04:18