වැටුණු ආර්ථිකය සවි බලගැන්වීම







ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් දී ඇති උපදෙස් අනුව ප‍්‍රතිපත්තිමය කරුණු රැසකට අදාළව ඉකුත් 01 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල අඩු කිරීම ,අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම, බදු බර අඩු කිරීම සහ ගොවි ණය කපා හැරීම ඇතුළු ජනතා සහන රැසකට අදාළ බදු සංශෝධන ගණනාවක් සිදු කිරීමට රජය පියවර ගත්තේය. මේ තීරණ ක්‍රියාවට නංවමින්මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇති නිසා අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සදහා මූලාරම්භයන් වශයෙන්ක‍්‍ මේ තීරණ ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති බවයි. තවමත්
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් පිරිහෙමින් තිබේ.එය මේ වන විට රු .177 ද පසුකරගෙන ගොස් අවසන්ය.ඉක්මන් පියවර නොගතහොත් ඇමරිකානු ඩොලරයක අගය තව නොබෝ දිනකින්ම රු.180 ද ඉක්මවා යනු ඇත.මේ නිසා රුපියල ශක්තිමත් කර ගැනීම කෙසේ වෙතත් විනිමය අනුපාත ස්ථාවර කර ගැනීම දැඩි අවශ්‍යතාවකි.මෙය හදුනාගත්තත් පසුගිය යහපාලන රජය ඊට නිසි පියවර නොගත්තේය.මේ පසුබිම තුළ දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග‍්‍ර කිරීම සදහා ගතහැකි ක‍්‍රියාමාර්ග ද සලකා බලමින් පවතින බව මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණි. ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් මෙකී ප‍්‍රතිපත්තිමය කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන එදින (01) නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිත බවද
මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යංශය තවදුරටත් තම ප්‍රකාශයෙන් දක්වා තිබුණි.මේ ලිපියෙන් අපි නව රජය ලබා දුන් එම ජනතා සහන සහ ඊට අදාළ බදු සංශෝධන ගැනද අවධානය යොමු කරමු.

මේ සියලු අලුත් වෙනස්කම් වලට මග පෑදුණේ අන් කිසිවක් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරයෙන් යුත් යහපාලන රජය අවසන් වී මෛත්‍රී - මහින්ද නව අන්තර්කාලීන රජය බිහි වීමයි.කිසිවෙක් නොවු විරූ පරිදු අනපේක්ෂිතව සිදු වූ මේ වෙනස රටේ බහුතර ජනයාට නම් සැනසිලිදායක පුවතක් වී තිබිණි.පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ කාටද යන්න අද දිනයේ කතාබහට ලක්වන ප්‍රධානතම කාරණයයි.එහෙත් අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පත් වුයේ 2015 වසරේදී බවයි.එම මන්ත්‍රීවරු පත් වූ මැතිවරණයේ ජන බලය පසුගිය ඔක්තෝබර් 26 දින විට එම යහපාලන රජය වෙත තිබුණේ නැත.එය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් රටටම තහවුරු විය. ජනාධිපතිවරයා ඇතැම් අවස්තාවලදී මැදිහත් වුවත් ප්‍රධාන වශයෙන්ම රජය ක්‍රියාත්මක වුයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේය.අනුන්ට හොරා හොරා යයි කියමින් මේ හිතුවක්කාරී ඊනියා යහපාලනය එම ක්‍රියාකාරිත්වය විසින්ම ඉතාම කෙටි කාලයක් තුළ තම බහුතර ජනබලය අහිමි කරගෙන තිබුණි.එය අප විසින් කියන මතයක් නොව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තහවුරු වූ දෙයකි.ඒ නිසා 2015 මහා මැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනුව බලය කෙසේ බෙදී ගොස් තිබුනත් ඒ ජනවරම දැන් නැති බව බව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හොදින්ම දන සිටි කරුණකි.එහත් ඉකුත් මහා මැතිවරණයේ දී ලද ජනවරමේ බලයෙන් මේ අය දිගටම රජය කරගෙන ගියේ ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මහතාද තුට්ටුවකට නොතකමිණි.ඒ බව ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 28 දින කළ විශේෂ ප්‍රකාශයෙන් හොදටම පැහැදිලිය.


ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ බැදුම්කර මගඩිය හමුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ක්‍රියාකලාපය ඇතුළු තවත් බරපතල කරුණු රැසක් සදහන් කර ඇත.ඇත්තවශයෙන්ම බැදුම්කර මගඩිය සිදු වු මහා බැංකුව තිබුණේ අගමැතිවරයා යටතේ පැවති ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේය.මේ බැදුම්කර මගඩිය කෝප් වාර්තාවෙන් මෙන්ම පසුව ජනාධිපතිවරයා විසින් පත් කළ බැදුම්කර ජාධිපති කොමිසමේ වාර්තාවෙන්ද තහවුරු වූ දෙයකි. ජනාධිපතවරයා ඉවත්ත කළ පසුවත් තවමත් අගමැති මමයි කියමින් රටට විහිලු සපයන රනිල් වික්‍රමසිංහ මහතා ඇත්ත වශයෙන්ම මීට බොහෝ පෙර ඉල්ලා ඇස විය යුතුව තිබුණි.අඩු තරමේ බැදුම්කර මගඩිය කෝප් වාර්තාවෙන් තහවුරු වූ පසුව බැරි නම් බැදුම්කර කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් වූ අවස්ථාවේ දී හෝ ඔහු කල යුතුව තිබුණේ ගරු කටයුතු ලෙස ඉල්ලා අස් වීම නොවේද ? තමන් පත් කළ ඒ බැදුම්කර මගඩියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් අද රටෙත් නැති.ඔහු අධිකරණයෙන් වරෙන්තුකරුවෙකි.එදා අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා එල්ල වූ විට ඒ ගැන වගකියන බව පාර්ලිමේන්තුව හමුවේ කියූ රනිල් වික්‍රමසිංහ පසුව ඔහු රටින් පැන ගිය පසු කීවේ ඔහු සිටින තැනක් ගැන තමන් නොදන්නා බවයි.එය හරි අපුරු කතාවකි.ඒ නිසාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම විශේෂ ප්‍රකාශයෙන් කී මේ අදහස ගැන සියලු රටවැසියා අවධානය යොමු කළ යුතුව තිබේ.

'පසුගිය කටුක අත්දැකීම් ගත් විට මෙහි දී මා නැවත සදහන් කරන්නට ඕන, ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රටට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත‍්‍රයෙක් නිසයි. '


රනිල් වික්‍රමසිංහ අගමැතිකම දැරූ පසුගිය යහපාලන රජය පත් වූ මාසයට පසු මාසයේ සිටම බැදුම්කර මගඩි සිදු කරමින් ඒ බැදුම්කර හොරු රකිමින් වේගයෙන් තම බහුතර මහජන බලය අහිමි කරගෙන සිටි බව කිසිවෙකුටත් රහසක් නොවේ. අතර එය හොදටම පැහැදිලි වුයේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙදීය. ඒ නිසා 2015 දී පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය කාටද යන්න මේ රටේ බහුතර ජනයාට අදාළ දෙයක් නොවේ. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම කියන්නේ තමන්ට පාලිමෙන්තුවේ බහුතරය ඇති බවයි.ඇත්තවශයෙන්ම මේ කියන බහුතර බලය තිබෙන්නේ කාටදැයි අප හරියටම දන්නේ නැත.එය දැන ගැනීමට හැකි වන්නේ පාර්ලිමේන්තුවේ පවත්වන ජන්ද විමසීමකදීය.එහෙත් 2015 දී පැවත්වූ මහා මැතිවරණයේ දී ලද ජන බලය අද රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට නොමැති අතර පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණනේ බලය තිබුණත් ඒ ජන වරම ඔවුන්ට අහිමි වී ඇති බව ඇත්ත කතාවයි.ඒ නිසා වඩාත්ම වැදගත් වන්නේ වර්තමාන ජනබලය උරගා බැලීම සදහා වහාම මහ මැතිවරණයකට යාමයි. ඒ නිසා 2015 දී පැවත්වූ මහා මැතිවරණයේ දී ලද ජනවරම අනුව පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණනින් බහුතරය බලන්නේ නැතුව වහාම කළ යුතුව ඇත්තේ එයයි.මේ අන්තර්කාලීන රජය පැවතිය යුතුව ඇත්තේ එම මහ මැතිවරණය දක්වා තාවකාලිකව පමණක් බව අපගේ අදහසයි.



පසුගිය සිකුරාදා හදිසියේම අනපේක්ෂිත ලෙස මෙවැනි බලපෙරලියක් සිදු වනු ඇති බව රට දැන සිටියේ නැත.එය ඉතාම රහසිගතව සහ සුක්ෂම ලෙස සිදු වුවක් විය.කෙසේ හෝ කිසිවෙක් නොසිතු විරු ලෙස තිබුණු ජාතික ආණ්ඩුව අවසන් විය. නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිව්රුම් දුන්නේය. එය අනපේක්ෂිත ලෙස හදිසියේ සිදු වූ නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හමුවේ පීඩාවට පත්ව සිටි බහුතර ජනයාට ජනයාට එය ඉමහත් සැනසිලිදායක පුවතක් විය.ඔවුන් ඒ පුවත දැනගත් වහාම රටම රතිඥා හඩින් ගිගුම් දුන්නේ ඒ නිසාය.ඊට පසුදින (27) දින උදේ ජනයා
තැන තැන කිරි බත් දන්සල් දුන්නේද ඒ සතුටටය.අගමැති පත්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකගද නැතිද යන ලොකු නීති කතන්දර අති මහත් බහුතර පොදු ජනයාට වැදගත් වුයේ නැත.කෙසේ හෝ මහජන වරම අහිමි වීමෙන් පසුවත් හිතුවක්කාරී ලෙස මහජනතාව පීඩාවට පත් කරමින් සිටි ජාතික ආණ්ඩුවේ පාලනය නිමා කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය. එය කළේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ජාතික ආණ්ඩුව අවසන් වීම නිසා එතෙක් පැවති ඇමති මණ්ඩලය විසිරී ගොස්අගමැතිධුරයද පුරප්පාඩු විය. ඉන් පසු නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කරමින් වත්මන් අන්තර්කාලීන ආණ්ඩුව බිහි කර තිබේ.එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් තමන් අගමැති යයි කියමින් අරලියගහ මන්දිරයේ රැදී සිටිමින් පොදු දේපොළ අවභාවිත කරමින් සිටින බව පෙනේ.කෙසේ හෝ මේ අගමැති අර්බුදය ඉක්මනින් විසදගෙන ඉදිරි මහා මැතිවරණය දක්වා හෝ කිසියම් ස්ථාවර පාලනයක් ඇති කර ගත හැකි නම් එය රටට හොදය.රටේ ආර්ථිකයටත් හොදය.

ආර්ථික ප්‍රගතියට දේශපාලන ස්ථාවරභාවය ඉතාමත්ම අවශ්‍ය සාධකයකි.දැන් අනිද්දා (07) පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය වී තිබේ.එසේ පාර්ලිමේන්තුව රැස් වීමෙන් පසුව හෝ මේ අස්ථාවර තත්වය සමනය වන්නේ නම් හොදය.එහෙත් අපට නම් හැගෙන්නේ ඉදිරි මහා මැතිවරණය දක්වාම අඩු වැඩි වශයෙන් කිසියම් දේශපාලන අස්ථාවර බවක් තිබෙනු ඇති බවය.ඒ නිසා වඩාත් වැදගත් වන්නේ මේ අන්තර්කාලීන ආණ්ඩුව ඉතාම කෙටි කාලයක් ඉක්මන් මහ මැතිවරණයක් ලබා ගැනීම සදහා පවත්වා ගෙන යාමයි.කවරක් නමුත් වැටුණු ආර්ථිකය සවි බලගැන්වීම සදහා වහාම පියවර ගැනීමට නව රජය පියවර ගෙන ඇත.ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා (01) තෙල් මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම ඇතුළු ජනතා සහන රැසක් ලබා දෙමින් බදු සංශෝධන ගණනාවක් කළේය. පසුගිය වසර 3ක කාලය තුළ අඩු ආර්ථික වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුළින් පිළිබිඔු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇති බවත් මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙසින් බවත් අග‍්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය බව මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යංශය පවසයි. මේ අලුත් ජනතා සහන ගැන අපි මීළගට අපගේ අවධානය යොමු කරමු.

- අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට‍්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත‍්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සඳහා යොදා ගැනෙන 2 ටී ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද නොවැම්බර් 01 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කළේය,

- ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප‍්‍රායෝගික මිළ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කෙරේ.

රට පුරා ඉතා හිතකර කාලගූණ තත්වයක් සමග 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සදහා ප‍්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක‍්‍රම උපරිම ධාරිතාවයට ළඟා වීම තුළින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇති බවද මෙය කෘෂි නිෂ්පාදන තුළි න් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීම සදහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව ද රජයේ විශ්වාසය වී තිබේ.


- මේ අනුව දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කර ඇත.

- තිරිඟු ඇට සඳහා පැවති කිලෝග‍්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කර ඇත.
- සීනි නැවත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් කෙරෙන අතර එය කිලොග‍්‍රෑමයකට රු.10 කින් අඩු කර ඇත.


- දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ළුෑණු සහ අල සඳහා සහතික මිළ ක‍්‍රම වේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුළුෑණු සහ අල අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග‍්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

- පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

- සමෘද්ධි ප‍්‍රතිිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කර ඇත.

- වී වගාව සදහා දෙනු ලබන කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 යේ සිට රුපියල් 1000 දක්වා අඩු කෙරේ.

- 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

- මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

- මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

- ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

- එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක‍්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

- කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

- දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

- සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.


ආර්ථිකය සවිබල ගැන්වීමේ මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක‍්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක‍්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන පේ‍්‍රෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇති බවද රජය කියයි.එසේම අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුළ කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප‍්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට රජය
අපේක්ෂා කරයි. ඒ අනුව 2018 වර්ෂය සදහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප‍්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග‍්‍රතාවය තවදුරටත් ළඟාකර ගතහැකි බවත් රජයේ දැඩි විශ්වාසය වී තිබේ.

සාමාන්‍යයෙන් දේශපාලන අස්ථාවරත්වයක් තිබෙන විට කොටස් වෙළෙඳපොළේ පසුබෑමක් සිදුවුවත් මෙවර සිදු වුයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමයි. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉකුත් නොවැම්බර් 01 වැනිදා වාර්තාගත ලෙස වර්ධනය විය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයේ විශාලම වර්ධනය එදින වාර්තා වූ අතර සියලු කොටස් මිල දර්ශකයේ අගයද ඒකක 6000 ඉක්මවා ගියේය.එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය නොවැම්බර් 01 වැනි දිනය අවසානයේ ඒකක 3,221.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා ඒකක 136.99 ක ඉහළ යාමක් වේ.එසේම මෙය ප්‍රතිශතයක් ලෙස 4.44% ක ඉහළ යාමකි. ප්‍රතිශතාත්මකව ගත් කළ මෙය, මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකයේ සිදුවූ විශාලතම වැඩිවීම ලෙසද වාර්තා වේ.කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඊයේ එකක 6000 සීමාව ඉක්මවා යමින් ඒකක 6114.13 දක්වා වර්ධන විය.එය ඊට පෙර දින ඒකක 5,953.47 ක් වූ අතර මේ අනුව ඔක්තෝබර් 01 දිනයෙදී පමණක් කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකයඒකක 160.66 කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.නොවැම්බර් 01 වැනිදා ඇමරිකානු ඩොලරය රු .177 ඉක්මවා යමින් වර්ධනය වුවත් ගිය සිකුරාදා (02) දිනයේ මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් අගය රු.175.82 දක්වා අඩු කර ගැනීමට ( එනම්රුපියල ශක්තිමත් කර ගැනීමට) ද හැකිව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Views
223
2018-11-03 14:54:36