තෙල් මිල අඩු කරයි


අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට‍්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත‍්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සඳහා යොදා ගැනෙන 2 ටී ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කිරීමට රජය තීරණය කර ඇත.


ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප‍්‍රායෝගික මිළ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කෙරෙන බව මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය කියයි.

අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුවරයා විසින් ආර්ථිකය සවිගැන්වීම සදහා ගන්න පියවර යටතේ මේ තීරණය ගෙන ඇත.
Views
346
2018-11-01 11:40:41
ආර්ථික පුවත්