ඇමරිකානු ඩොලරය රු.177 ත් පසු කරයි




ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරය අගය ඊයේ ( 01) රු . 177 ද ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 177.32ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා ( 31) රු 176.25 ක් විය.
මේ අනුව ඊයේ දිනයේ පමණක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රු.1.07 කින් විශාල පිරිහීමකට ලක්ව තිබේ.
මේ තත්වය පාලනය කිරීමට නිසි පියවර නොගතහොත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය නොබෝ දිනකින්ම රු.180 ද ඉක්මවා යනු ඇති වෙළෙදපොල ආරංචිමාර්ග කියයි.



Views
261
2018-11-01 04:49:37