නව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර


නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එස්. අමරසේකර මහතා සිය ධුරයේ ඊයේ ( 27) වැඩ භාර ගත්තේය.

ආණ්ඩුක්ර ම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඊයේ (27) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කළේය.
Views
382
2018-10-27 16:56:50