මෛත්‍රී - මහින්ද අන්තර්කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට දිව්රුම් දෙයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (26) රාත්‍රියේ රනිල් මහතාට ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදීම නිකුත් කරනු ලැබිණි.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද ධුරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස16 වැනිදා නැවත රැස්වීමට නියමිතයි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවාය.

Views
474
2018-10-27 10:55:00