මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි - මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක් බව මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (26) පස්වරු‍වේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කර තිබෙන්නේ ඊයේ රාත්‍රී 8.08 ටය.
Views
273
2018-10-26 17:27:48
දේශපාලන පුවත්