තවමත් අගමැති මමයි - හිටපු අගමැති රනිල් කියයි

තවමත් අගමැති මමයි යනුවෙන් ඊයේ (26) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ව්‍යවස්ථාවට අනුකූලව කිසි විටෙකත් වෙනත් අගමැතිවරයෙක් පත් කළ නොහැකි බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තවදුරටත් තමා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන බවත්, වෙන කෙනෙකු ඒ සඳහා නම් කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමාට වෙනස් කළ නොහැකි බවත්, ආණ්ඩු බලය හා පාර්ලිමේන්තුව බහුතරයක් තමාට සිටින බවත් ඔහු සඳහන් කරයි.

අද පස්වරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබීය.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ බලතල අනුව අග්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවයි.

එහෙත් තමා එය පිළිනොගන්නා බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Views
308
2018-10-26 16:04:18
දේශපාලන පුවත්