නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට


හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පත්වරයා ලෙස කටයුතු කළේය.
ඒ අනුව ඔහු ලබන මස 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් අතර ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද රාත්‍රියේම ඉදිරිපත් කර ඇති බව වර්තා වෙයි.

ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.
Views
357
2018-10-25 13:33:36