ඉන්ධන මිල සූත්‍රය ලංකාවට ගැලපෙන්නේ නෑ - හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක


ඉන්ධන මිල සූත්‍රය ලංකාවට නොගැලපෙන්නක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව අද(19) කියා කීවේය.

ඔහු පවසන්නේ ජනතාවට සහන ලැබෙන ආකාරයෙන් මෙන්ම ඛණිජ තෙල් සංස්ථාවට අලාභ නොවන ලෙස මිල තිරණය කිරිමේ ක්‍රමවේදයක් සැකසීම ප්‍රමාණවත් බවයි.

මේ අතර ඉන්ධන මිල සූත්‍රය ජනතාව රැවටීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් බව ඒකාබද්ධ විපක්ෂයේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මාධ්‍යට පවසා තිබිණි.
Views
351
2018-10-19 15:38:17
ආර්ථික පුවත්