ජපුර 'ප‍්‍රදීප ප්‍රණාම' සම්මාන උළෙළේදී ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙති


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපට ලැබුණේ දැනුම පමණක් නොවේ. විශාල සමාජ පන්නරක්ද ලැබිණි.ඒ නිසාම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහි වූ ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් රටේ සෑම ක්‍ෂ්ත‍්‍රයකම පාහේ විහිද පැතිර සිටින අතර ඔවුන් තම ක්‍ෂ්ත‍්‍රයන් තුළින් රටට විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කරමින් සිටිති.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පිටව ගිය එම උපාධිධාරීන් අප සරසවියටද අභිමානයකි. ඔවුන් ඇගයීමට ලක් කිරීමෙන් ඔවුන් තවත් දිරිමත් වීමත් ඔවුන් දැනටමත් කළ මෙහෙවර අගය කිරීමත් යන දෙකම ඉටු වෙයි.එබැවින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය මීට වසර තුනකට පෙර සිට ආරම්භ කළ ජපුර ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන ප‍්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල අති විශිෂ්ඨ මෙහෙවරකි.එබැවින් මේ වැඩපිළිවෙල දිගටම සිදු කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයට සහාය සහ ශක්තිය ලබා දීම ජපුර ආදී විද්‍යාර්ථී සැමගේ යුතුකමක් බවද මේ මොහොතේ සිහිපත් කළ යුතු වේ.ජපුරේ උපාධිය ලබා විවිධ මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ එකමුත්වෙන් ජපුර ජනමාධ්‍ය මණ්ඩලයද බිහි කර ඇත.ඒ හරහා අපටද පසුගිය වසර තුනේදීම ප‍්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයට මාධ්‍ය කටයුතු හරහා දායකත්වය සහ සහාය ලබාදීමට හැකි වීම අපගේ භාගයකි.එය අපටද ඉමහත් සතුටකි.

මෙවර ජයවර්ධනපුර ප‍්‍රදීප’ සම්මාන ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (17) වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන මෙම ‘ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප’ සම්මාන ප‍්‍රදානෝත්සවය මෙවර පැවතියේ තෙවන වරටය. විවිධ වර්ෂවලදී විවිධ ක්ෂේශ්ත්‍රවල ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින්ට සම්මාන පිරිනැමෙන අතර ඒ අනුව මෙවර සම්මාන උළෙල ‘කලාකාර අභිනන්දන’ යනුවෙන් නම් කර තිබුණි.මේ නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහිවූ, කලා, සාහිත්‍ය හා සන්නිවේදන ෙක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ටයින් 41 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් මෙවර ප‍්‍රදීප සම්මාන පිරිනැමිණි.මෙම සම්මාන උළෙල මීට පෙර අවස්ථා දෙකකදී පැවති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහිවූ රාජ්‍ය සේවයේ විශිෂ්ටයින්ට මෙන්ම ශාසනික, දේශපාලන, සමාජ, ව්‍යවසායක යන ෙක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ටයින්ට එහිදී සම්මාන පිරිනමන ලදී.ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් වන අතර මෙය විශාල වෙහෙස මහන්සියකින් සහ විශාල බරපැනක් දරමින් සිදු කරන දුෂ්කර කටයුත්තකි.ඒ නිසා ඉදිරි සම්මාන ප‍්‍රදානෝත්සවයන්ද සාර්ථකව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ශක්තිමත් අරමුදලක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවක්ද තිබේ.ඒ සදහා තවමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයට ගොනු වීමට අවස්තාව නොලද සෙසු ආදි විද්‍යාර්ථීන්ගේ සහාය සහ ශක්තියද නොඅඩුව ලබා දීම ඉතා වැදගත්ය.මේ සම්මාන උළෙල වෙනුවෙන් එම සංගමයේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය ,සංගමයේ ලේකම් මහාචාර්ය අබේරත්න බණ්ඩාර, සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ මහාචාර්ය සුනිල් ආරියරතනයන් ඇතුළු නම් සදහන් කළ නොකළ විශාල පිරිසක් කරන මෙහෙවර ඉමහත් ලෙස අගය කළ යුතුය.

මෙවර සිදු විශේෂ සිදු වීමක් වුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ජීවිතයේ එක වරක් පමණක් පිරිනැමෙන විශේෂිත රන් සම්මානයක් පිරිනැමීමයි.ඇත්ත වශයෙන්ම එතුමන් එම සම්මානය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.එයට හේතුව ජපුර ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන 'ප‍්‍රදීප ප්‍රණාම' සම්මාන උළෙල සම්මාන කමිටුවේ සභාපතිත්වය දැරීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජාතික වස්තුවකි.එතුමන් කෙතරම් ප්‍රතික්ෂේප කළද කෙසේ හෝ එම රන් සම්මානය එතුමන්ට පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ අරමුණ වී තිබුණි.මේ නිසා සම්මාන උළෙල අවසානයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කිසියම් බලහත්කාරයකින් මෙන් ශාලාවේ සම්මාන පිරිනැමූ වේදිකාවට කැදවාගෙන කැදවාගෙන යන අයුරු අපට දැක ගත හැකි විය. ඒ උපකුලපති සම්පත් අමරතුංග සහ සහ ඩබ්.කේ.එච් වෑගපිටිය , සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, හිපපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන, ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන සහ ලංකාදීප කතෘ සිරි රණසිංහ ඇතුළු විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්විසිනි. ශාලාවේ සිටි සියලු දෙනා මේ සිදු වීම දෙස බලා සිටින්නට විය.අවසානයේ මේ සියලු දෙනා විසින් එක්ව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කළින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ඒ රන් සම්මානය එතුමන්ට පිළිගැන්වූ අතර ඒ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප නොකර භාර ගැනීමට එතුමන්ට සිදු විය.ඒ සොදුරු බලහත්කාරයට අවනත නොවී සිටීමට එතුමන්ටද නොහැකි වන්නට ඇත.ඒ අවස්ථාවේ ශාලාවේ සිටි සියලු ආදි විද්‍යාර්ථීන් ඒ සිදු වීම දෙඇස බලා සිටියේ ඉමහත් සතුටු සිතිණි.

මෙවර සම්මාන උළෙලේදී දිනපතා දිවයින ප්‍රධාන කතෘ වසන්ත ලියනගේ මහතාට මෙන්ම මේ ලියුම්කරු ඇතුළු තවත් මාධ්‍ය ෙක්‍ෂ්ත‍්‍රවල ආදි විශිෂ්ටයින් ද 'ප‍්‍රදීප ප්‍රණාම' සම්මානයෙන් ඇගයීමට ලක් විය.අනෙක් සියලු සම්මානයන්ට වඩා ජපුරේ මේ 'ප‍්‍රදීප ප්‍රණාම' සම්මානය අප හදවතින් වැළද ගත බව අවසාන වශයෙන් සටහන් කරමි.මෙහිදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් පිරිසක්ද 'ප‍්‍රදීප ප්‍රණාම' සම්මානයෙන් පිදුම් ලැබුවේය.ඒ අය අතර වසන්ත ලියනගේ (දිනපතා දිවයින -කර්තෘ ), චම්පිකා ලියනාරච්චි ( ඩේලි මිරර් - උපදේශක කර්තෘ ) රමේෂ් වරල්ලේගම ( රිවිර - කර්තෘ ),ඉන්ද්‍රාණි පීරිස් ( ලංකාදීප සම කර්තෘ ),අජන්ත කුමාර අගලකඩ ( ලංකාදීප සම ප්‍රවුර්ති කර්තෘ), ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ( නියෝජ්‍ය කර්තෘ - ඉරිදා ලංකාදීප ),නිලාර් එන්.කාසිම් ( ජාතික රුපවාහිනිය ),කමල් කාරියවසම් (ජාතික රුපවාහිනිය ) , ), හරීන්ද්‍ර ජයලාල් (ස්වර්ණවාහිනිය ), බණ්ඩාර විජේරත්න ( එෆ්.එම් දෙරණ ) සහ අනුරාධ දේවප්‍රිය ඇතුළු පිරිසක් ද වුහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
433
2018-10-19 13:55:53