ජයවර්ධනපුර ප‍්‍රදීප’ සම්මාන ප‍්‍රදානෝත්සවය ජනාධිපති ප‍්‍රධානත්වයෙන් අනිද්දා වෝටර්ස් ඒජ් හිදී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන ‘ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප’ සම්මාන ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී 17 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.

තෙවන වරට පැවැත්වෙන මෙවර සම්මාන උළෙල ‘කලාකාර අභිනන්දන’ යනුවෙන් නම් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහිවූ, කලා, සාහිත්‍ය හා සන්නිවේදන ෙක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ටයින් 41 දෙනෙකුට මෙවර ප‍්‍රදීප සම්මාන පිරිනැමීමට නියමිතය.

මෙම සම්මාන උළෙල මීට පෙර අවස්ථා දෙකකදී පැවති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහිවූ රාජ්‍ය සේවයේ විශිෂ්ටයින්ට මෙන්ම ශාසනික, දේශපාලන, සමාජ, ව්‍යවසායක යන ෙක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ටයින්ට එහිදී සම්මාන පිරිනැමිණි.

ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය විසිනි.
Views
226
2018-10-15 13:08:59
කාලීන පුවත්