පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල නංවයි


මිල සුත්‍රයට අනුව (10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.

ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇත.

රුපියල් 161 ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් සහ රුපියල් 133 ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ද වැඩි කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, ප්‍රවාහන සහ ධීවර ක්ෂේත්‍රයන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙවර ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කරන ලදී.

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරිම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබීය.
Views
39
2018-10-10 14:58:41
ජනප්‍රිය පුවත්