ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 17 වැනිදා ප.ව. 6.00ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය තුන්වැනි වරට සංවිධානය කරන ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල මෙවර නම් කර ඇත්තේ ‘කලාකාර අභිනන්දන 2018’ යනුවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහි වූ කලා, සාහිත්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවල විශිෂ්ටයින් 40 දෙනෙකුට පමණ ජනාධිපතිවරයා අතින් එහිදී සම්මාන පිරිනැමේ.

මෙම සම්මාන උළෙල මීට පෙර අවස්ථා දෙකකදී පවත්වා ඇති අතර එහිදී රාජ්‍ය අංශය, අධ්‍යාපන, දේශපාලන, ව්‍යාපාරික යන ක්ෂේත්‍රවල විශිෂ්ටයින් බවට පත්ව සිටි විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් රැසකට සම්මාන පිරිනැමිණි.

 
Views
75
2018-10-09 15:11:17
ව්‍යාපාර පුවත්