ශ්‍රී ලංකාව සහ හරිත දේශගුණික අරමුදල අතර ජාත්‍යන්තර ගිවිසුමක් - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

ශ්‍රී ලංකාව සහ හරිත දේශගුණික අරමුදල අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එලඹීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී හරිත කලාපයක් බවට පත්කර ගැනීමේ අරමුණෙනි. මිට අමතරව කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සත්කාරක රජයක් ලෙස ගිවිසුමකට එළඹීමටත්, ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනිමටත් රජය තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සඳහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවද ඇමතිවරයා කියයි.

හරිත දේශගුණික අරමුදලේ සභාපති වන එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටපු මහ ලේකම් බෑන් කී මුන් මහතා ශ්‍රී ලංකාවේ අහිතකර දේශගුණික බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක් වීමට මේ වනවිටත් එකගතාව පළ කර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
Views
61
2018-10-04 08:03:24