මන්ත්‍රී වාහන පර්මිට් නැවැත්වීමෙන් වැඩක් නෑ - බන්දුල ගුණවර්ධන




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය නතර කිරීමට රජය විසින් ගත් තීරණය කිසිදු පලක් නැතැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (30) මාධ්‍ය හමුවකදී පැවසීය.

රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති එක පියවරක් වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය වසරකට නතර කිරීමට පියවර ගැනීමයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ලබාගෙන තිබෙන බවත් කී මන්ත‍්‍රීවරයා ජනතාව රවට්ටන ප‍්‍රකාශ නොකර ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය මීට වඩා වැදගත් ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවද කීය.

එමෙන්ම වාහන ආනයනය කිරීමේදී විශාල වශයෙන් වංචා හා දුෂණ සිදුවන බවත් ආනයනික වාහන සඳහා එන්ජින් ධාරිතාවය මත බදු අයකිරීමෙන් වංචා හා දුෂණ අවම කර ගතහැකි බවද පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

ජායාරුපය -ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
70
2018-09-30 13:37:56
ආර්ථික පුවත්