සනීපාරක්ෂක තුවා මත වන 30% සෙස් බද්ද අද සිට ඉවතට



ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා වන සෙස් බද්ද ඊයේ (20) සිට ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.

සනීපාරක්ෂක තුවා ආනයනය කිරීමේදී එක් කිලෝග්‍රෑමයක් සඳහා එහි වටිනාකමින් 30% ක් හෝ රු. 300 ක් යන දෙකින් වැඩි එක සෙස් බද්ද ලෙස පසුගිය රජය සමයේ සිටම අයකරනු ලැබීය. මෙයට අමතරව වැට් බදු, වරාය ගාස්තු හා ජාතිය ගොඩනැගීමේ ගාස්තුද මෙයට අදාළ වේ.

ඒ අනුව, ආනයනික සනීපාරක්ෂක තුවා කිලෝවක් සඳහා මෙතෙක් අයකරන ලද 30% ක් හෝ රු. 300 ක් යන සෙස් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.
Views
331
2018-09-20 11:19:42
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්