උතුරු - දකුණු කොරියා සමුළුව හෙට අරැඹේ
උතුරු - දකුණු කොරියා සමුළුව හෙට සහ අනිද්දා දෙදින (සැප්තැම්බර් 18 සිට 20 දක්‌වා) උතුරු කොරියාවේ පියොන් යෑන්ග් අගනුවරදී පැවැත්වේ.

මෙම තුන්වන අන්තර්¨ කොරියානු සමුළුව සඳහා මෙවර තේමාව වී තිබෙන්නේ "නව අනාගතයක්‌ සඳහා සාමය" යන්නයි.

2007 වසරෙන් පසුව දෙරට අතර මෙවැනි සමුළුවක්‌ ප්‍රථම වරට උතුරු කොරියානු අගනුවර පැවැත්වෙන්නේ වසර 11 කට පසුවයි.

මීට මාස කීපයකට පෙර දෙරට අතර පැවැති ඓතිහාසික සමුළුවේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් විසින් උතුරු කොරියාවේ සංචාරය කිරීමට එකඟතාව පළ කළ අතර එම පොරොන්දුව අනුව මෙවර සමුළුව පියොන් යෑන්ග් අගනුවර පැවැත්වේ.

කොරියානු අර්ධද්වීපය නව අනාගතයක්‌ කරා ගමන් කරමින් සිටින මෙම අවස්‌ථාවේ කොරියානු ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය වන 'නව අනාගතයක්‌ සඳහා සාමය 'යන්න මෙවර තේමාව වී තිබේ.

මෙම උතුරු - දකුණු කොරියා සමුළුව ආවරණය කිරීම සඳහා සැප්තැම්බර් 16 - 21 වැනිදා දක්‌වා දකුණු කොරියාවේ සෝල් අගනුවර ඩොන්ඩේමන් ඩිසයින් ප්ලාසා හිදී මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය ආවරණ මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපිත කිරීමට ද සූදානම් කර තිබේ.

Views
75
2018-09-16 23:19:31